27 Sep 2015
කිඹුලෙකුට හසුවූ මව බේරාගත් වීර පුතෙක්
ජිවිතය දුන් මව වෙනුවෙන් ජිවිතය නොතකා සටන් කර කිඹුල් වික්රමයක් පැරද වූ පුත්රයෙකු ගැන අනුරාධපුරයෙන් වාර්තා විය. අනුරාධපුර, සේනපුර පදිංචිව සිටි අවුරුදු 48 ක් වයසැති එම කාන්තාව ඊයේ පස්වරුවේ දියනෑම සඳහා කලාඔයට ගොස් තිබුණි.
මද වේලාවකින් මවගේ කෑ ගැසීම් හඩ ඇසුණු පුතා එම ස්ථානයට දිවගිය අතර ඔහුට දක්නට ලැබුණේ කිඹුලෙකු තම මව ඩැහැ ගැනීමට තැත් කරන අයුරුයි.
තම ජීවිතය ද නොතකමින් දියට පැන කිඹුලා සමග පොර බැඳු ඔහු මව බේරාගැනීමට සමත් විය.
එම කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින්නීය. ජාතික රෝහලේදී එම කාන්තාවට සිදුකළ සැත්කමකින් පසු පාදයක් ඉවත් කෙරිණ.
සිය මවගේ ජීවිතය බේරාගත් රොමේෂ් මධුවන්ත නම් වූ එම දරුවා 19 වන හැවිරිදි වියේ පසුවේ.