කිරි රැගෙන ගිය දැරිය දුෂණය කර මරාදමලා

null

මාවතගම – තල්ගස්පිටිය ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී සොයා ගත් 13 හැවිරිදි දැරිය දුෂණයට ලක්කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ. පොලීසිය සදහන් කළේ ඇය ගෙළ සිරකර මරා දමා ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 13 හැවිරිදි විජයකුමාරි නමැති පාසල් ශිෂ්‍යාවකි. පෙරේදා කිරි අලෙවි කිරීමට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් ඇයගේ දෙමව්පියන් කල සොයා බැලීමකදී පාලු නිවසක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණි.

එම දැරියගේ මව වන සුබ්‍රමනියම් උදයකුමාරි (43) මහත්මිය හැඬූ කඳුලින් සිද්ධිය මෙසේ විස්තර කර තිබේ…

“දුව කිරි අරගෙන යනවා කිසිවකු දැකලා තිබුණේ නෑ. නිශාන්ත නමැත්තා තමයි දුවව දැකලා තියෙන එකම කෙනා අපි පාළු ගේ කඩලා බලනකොට දුවව ඇඳ ඇතිරිල්ලක ඔතලා තියෙනවා දැක්‌කා. මට වාවගන්න බැරුව ගියා. අපොයි දෙවියනේ මගේ දුවට වෙච්ච දෙයක්‌. මේ වගේ දේවල් වෙන කිසිම කෙනකුට වෙන්න ඉඩ දෙන්න එපා. මේ වගේ අපරාධ කරන උන්ට වධදීලා මරන්න ඕනේ.

දුව හැමදාම උදේ නවයට කිරි අරගෙන කිරි මණ්‌ඩලයට යනවා. සිද්ධිය වූ 28 වැනිදා දහවල් 12.00 වනතුරුත් දුව ආපසු ආවෙ නෑ. මම කඩමණ්‌ඩියට ගිහින් හොයල බැලුවා. කිසිකෙනෙක්‌ ඇයව නොදුටු බව කිව්වා. එතකොටම නිශාන්ත (45) නමැත්තා මට කීවා ”අක්‌කේ දුව උදේ කිරි අරන් යනවා මම දැක්‌කා” කියලා. දැන් කාලේ ඕව ගැන කියන්නත් බයයි කියලා නිශාන්ත කිව්වා.

මට සැක හිතුණා. මමයි ලොකු දුවයි ගිහින් නිශාන්තගෙ දොර කඩලා බැලුවා. ඒ මට ඇතිවූ සැකය නිසයි. ඊට පස්‌සේ ගමේ අයත් ගිහින් බැලුවා. ලොකු දුවගේ නම ප්‍රියදර්ශනී. එයත් හැම තැනම ගිහින් නංගීව හෙව්වා. නිශාන්ත කියන කෙනාගේ ගේ ඇතුළේ දුව අරන් ගිය කිරි භාජන අපි දැක්‌කා. එතකොටම පොලිසිය එතනට ආවා. දුව මෙතනම ඇති කියලා මම කෑ ගැහුවා.

ඇඳ ඇතිරිල්ලක ඔතලා දුව අස්‌සකට දමා තියෙනවා දැක්‌කේ එවිටයි. ඊට පස්‌සේ පොලිසිය ඇවිත් ඇඳ ඇතිරිල්ල පරික්‌ෂා කළා. මේ වගේ අහස පොළව නුහුලන අපරාධ වෙන්න දෙන්න එපා. මේ මිනීමැරුම කළ උන්ට වධ දීලා මරන්න ඕනේ. මට වෙච්ච දේ වෙන අම්මලාට වෙන්න දෙන්න එපා. රටේ මේ වගේ අපරාධ කරන උන් අල්ලන්නෙත් නෑ. උන්ට දඬුවම් දෙන්නෙත් නෑ. මට මේ වෙච්ච දේ හිතාගන්නවත් බෑ. දෙවියනේ මේ අපරාධය කරපු එකාට හෙන හත වදින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා”

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාල සැකකරු පිලැස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>