කිලිනොච්චියේදී පොලිසියට ගල් ප්‍රහාරයක්

null

කිලිනොච්චි – පලෙයි – උඩුතුරෙයි ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ (24) ගම්වාසීන් පිරිසක් ගල් මුල්වලින් පහර දී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පලෙයි ප‍්‍රදේශයට ගිය පොලිස් නිලධාරීන්ට ප‍්‍රදේශවාසීන් පිරිසක් විසින් ගල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුට පොරවකින් පහරදීමට උත්සහ දරා තිබේ.

එහිදී පොලිස් නිලධාරියා සිය ආරක්ෂාව සඳහා එම පුද්ගලයාට වෙඩි තබා තිබෙන අතර ඔහු මේ වන විට ඔහු පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්.

පොලීසියට තොරතුරු ලබාදෙන බවට සැක කරමින් පුද්ගලයෙකුට පහර දුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙය සිදුව ඇති අතර සිද්ධියේදී පොලිස් ජීප් රථයකට ද හානි සිදුවී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>