කිලිනොච්චි දැරියගේ ඝාතනයට 14 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට
පසුගිය 19 වනදා කිලිනොච්චි – උරුත්තිපුරම් ප්‍රදේශයේදී වෙල්යායක තිබී හමුවූ උදයකුමාර් යර්ෂිකා නමැති තුන් හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් 14 හැවිරිදි පාසල් සිසුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පාසල් සිසුවා මියගිය දැරියගේ ලොකු අම්මාගේ පුත්‍රයෙකු බව පොලිසිය පවසයි. ඔහු අදාළ දැරිය අපයෝජනයට ලක්කර ඇති බවද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ දරුවාගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු බවයි.
පසුගිය ජූනි මස 21 වනදා තුන්හැවිරිදි උදයකුමාර් යර්ෂිකා නමැති දැරිය අතුරුදන් වුයේ ඇගේ මව සහ දියනෑම සදහා ප්‍රදේශයේ ඇල මාර්ගයකට ගිය අවස්ථාවේදීයි. යර්ෂිකා දැරිය ගලක් මත තබා ඇගේ මව දියනා ආපසු පැමිණෙන විටදී දැරිය අතුරුදන්ව තිබූ බවට වාර්තා විය.
අනතුරුව ඇයගේ මළ සිරුර සොයා ගැනුණේ ඉකුත් ජුලි මස 19 වෙනිදා පස්වරුවේයි. ඒ, උරුදිපුරම් ප්‍රදේශයේ කෝවිලක් ආසන්නයේ වෙල්යායක තිබියදීයි.