කිලිනොච්චි දැරිය තවමත් අතුරුදන්

null

කිලිනොච්චියේ, එළුක්කාඩුහිදී පසුගිය 21 වැනිදා අතුරුදන්වූ තුන් හැවිරිදි දැරිය සොයා පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ සෙබලූන් එක්ව සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර මෙතෙක් දැරිය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොමැත.

පොලිසිය පවසන්නේ අතුරුදන්වූ දැරියගේ මව සහ ඥාතීන් සිදුකළ පරස්පර ප්‍රකාශ හේතුවෙන් දැරිය සෙවීමේ පරීක්ෂණ කටයුතු මේ වනවිට අපැහැදිලි තත්ත්වයකට පත්ව ඇති බවයි.

උදයකුමාර් යර්සිකා නමැති දැරිය පසුගිය 21 වනදා සිය මව සමඟ කිලිනොච්චි – උරුත්තිපුරම් ප්‍රදේශයේ ඇළ මාර්ගයක දියනෑමට ගොස් තිබුණි. දියණිය ඇළ ඉවුරේ ගලක් උඩ තැබූ මව දියනා ආපසු එන විට දැරිය අතුරුදන්ව සිටි බව වාර්තා විය.

දැරිය සෙවීම සඳහා දින 3ක් තිස්සේ පොලිසිය ආරක්ෂක හමුදාවන්ගේ ද සහය ඇතිව පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. උරුදිපුරම්හි පාලු ඉඩම්, නිවාස මෙන්ම ඇල මාර්ග හා වැව් ආදිය පීරමින් දැරිය සෙවීමේ මෙහෙයුම සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>