කිලෝමීටර් 18 ක් දුර ගිය මළ සිරුරක්

null

නාවලපිටිය – ගම්පොල ප‍්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 14 කණුව අසලදී රිය අනතුරකට ලක්වූ පුද්ගලයෙකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් ඊට කිලෝමීටර් 18 ක දුරකින් සොයා ගෙන තිබෙ.

නාවලපිටිය මහ පාරේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව නාවලපිටිය පොලිසියේ මූලස්ථාන පරීක්ෂක එතැනට ගිය නමුත් මළ සිරුර එහි තිබී නොමැත. එහෙත් මාර්ගය දිගට ලේ පැල්ලම් සහ සිරුරක කොටස් ස්ථාන කිහිපයක තිබී හමුව තිබේ. ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කල පොලීසියට ඊට කිලෝමීටර 18ක් දුරින් ගම්පොල කඩුගන්නාව මාර්ගයේ පොදු වෙළඳ සංකීර්ණය අසල තිබී එම මළසිරුර හමුව තිබේ.

නාවලපිටියේදී මියගිය පුද්ගලයකුගේ සිරුර ගම්පොළ තිබීම ප්‍රශ්නයක් බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් පොලිසිය අනුමාන කරන්නේ වාහනයක ඇමිණී මළසිරුර මාතරම් දුර ඇදී යන්නට ඇති බවයි.

කවුරුන්දැයි මෙතෙක් හඳුනා නොගත් මළසිරුරේ බොහෝ කොටස් පාරේ ඇදී යාම නිසා විනාශ වී ඇති අතර එම හේතුව නිසා මළසිරුර හඳුනා ගැනීම ඉතා දුෂ්කර වී ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි. ගම්පොල ප්‍රධාන මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර ඔහු පවසා සිටියේ සිරුරේ අයිතිකරුවන් හඳුනාගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසය. ඒ අනුව මළසිරුර ගම්පොල ශික්ෂණ රෝහල වෙත රැගෙන යනු ලැබුවේය.

මෙම මළසිරුරේ හිස කොටස සහ ලිංගේන්ද්‍රිය ඇතුළු අවයව තිබී නොමැති බවද වාර්තා වේ.

මාර්ගය දෙපස ඇති සි.සි.ටි.වී කැමරා පද්ධතිය පරික්ෂ කිරීමට කටයුතු යොදා ඇති අතර මෙය ඝාතනය කිරීමක්ද එසේත් නැතිනම් වාහන අනතුරකද යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>