කීර්ති පැස්කුවෙල් තරුණියකගේ අවසන් මොහොත ගීතයකින් සනසයි

null

ප්‍රවීන ගායක කීර්ති පැස්කුවෙල් මහතා රෝගී වුණු තරුණියක් ඉදිරියේ ගයනා කරන ගීතයන් කිහිපයක් මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

දිනූෂා ප්‍රනාන්දු නම් 29 හැවිරිදි මෙම තරුණිය ජීවිතයත් මරණයත් අතර සටනක රැදී සිටියේ වකුගඩු රෝගයකින් පීඩා විඳිමින්. ඇයගේ පවුලේ අය මෙන්ම මිතුරු මිතුරියන් බොහෝදෙනෙක් දිනුෂාගේ ජීවිතය බේරගන්න උත්සහ කළත් ඇය වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

දිනුෂාගේ පියා සඳහන් කරන්නේ ඇය වෙනුවෙන් ලක්ෂ 81ක මුදලක් වියදම් කළත් ඇයව බේරාගැනීමට නොහැකි වූ බවයි. පසුගිය 15 වැනිදා දිනුෂා මෙලොවින් සමුගෙන තිබේ.

ඇයගේ අවසන් මොහොතේ ඇය කැමතිම ගායකයා වුණු කීර්ති පැස්කුවෙල් මහතා රෝහලට පැමිණ ඇය කැමතිම ගීත 2ක් ගයනා කර තිබේ.

ජීවිත කාලය පුරා ඇලුම් කළ ගායකයෙකු සිය දෙනෙත් ඉදිරියේ දකිමින් සහ ඒ හඬ සිය දෙසවන් තුළින් අසමින් අවසන් හුස්ම හෙලූ ඇයගේ ඒ අවසන් මොහොත මේ අයුරින් කැමරාවක සටහන්ව තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>