කුඩු රජා හිටි තැනින් පැන ගිහින්

null

ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවකු ලෙස හැඳින්වෙන මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් නමැති කෝටිපති ව්‍යාපාරිකයා මලයාසියාවේ පදිංචි ස්ථානයෙන් අතුරුදන් වී ඇති බව එරට බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සිදු කර දීර්ඝ මෙහෙයුම් ඔස්සේ ඔහු පිළිබඳව අනාවරණය කරගෙන ඇති අතර ඔහුට එරෙහිව විවෘත වරෙන්තුවක් ලබාගෙන මැලේසියාවේ පොලිසියට රතු නිවේදනයක් ඔස්සේ මේ සන්බන්ධයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව එරට බුද්ධි අංශ මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් පිළිබඳ සොයා බැලීමේදී ඔහු පදිංචිව සිටි නිවසේ සහ ඔහුගේ සෙසු නිවාසවල මේ වන විට නොමැති බව අනාවරණය කරගෙන තිබෙන අතර ඔහුට රටින් පිටවිය නොහැකි ආකාරයට මැලේසියාව විසින් ආරක්ෂක විධිවිධාන යොදා ඇත.

මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුජයිඩ් මෙරට චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙසද කටයුතු කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>