06 Sep 2014
කුඩු රියට පොලිසියෙන් වෙඩි
අතුරුගිරිය, ඔරුවල රෝහල ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලිසිය පවසන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැටලීමට ගොස් සිටින අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෙහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කුඩු ලලිත හෙවත් ලලිත කෞෂල්‍ය මියගිය බව පොලිසිය පවසයි.
අදාළ වැටලීම කරන අවස්ථාවේ ඔහු පලායමින් සිට ඇත්තේ නවීන මෝටර් රථයකින් බවද වාර්තා වෙයි. එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එම රථයට වෙඩි තබා ඇත.
රියේ සිටි තවත් අයෙකු තුවාල ලබා ඇති අතර සිද්ධිය සියැසින් දුටුවන් පවසා ඇත්තේ රතු පැහැ රියකින් පැමිණි පිරිසක් සුදු පැහැති රියට වෙඩි තැබු බවයි.
ඔහුගේ සිරුර මේ වන විට නවගමුව රෝහලේ තැන්පත් කර තිබේ.
ඡයාරූප – ලංකාදීප