කුඩු ලාලිතගේ වත්කම් ලක්ෂ 685

lalitha

පසුගිය පස් වැනිදා අතුරුගිරියේ ඔරුවලදී විදාන මුදියන්සේලාගේ ලාලිත්‍ය කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිත පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වෙඩි පහරකින් ජිවිතක්ෂයට පත්විය. ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මාධ්‍ය හමුවකදී කරුණු හෙළි කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමේ තුන්වන පෙළේ ඒජන්තවරයෙකු ලෙස සැලකෙන කුඩු ලාලිත්‍ය සතු රුපියල් ලක්ෂ 685 ක් පමණ වටිනා වත්කම් මේ වනවිට හඳුනාගෙන තිබේ.

බෝමිරිය,කොරතොට හා තලංගම ලක්ෂ 525 ක් වටිනා නිවාස 03 ක්, රණාලේ ලක්ෂ 30 ක් වටිනා ඉඩමක්, ලක්ෂ 90 ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ 02 ක්, ලක්ෂ 40 ක් වටිනා මෝටර් රථයක් ඒ අතර තිබෙන බව සඳහන්.

මේවා මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගත් වත්කම් බවට හෙළි වුවහොත් රාජසන්තක කිරීමට උසාවියට කරුණු දක්වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී සඳහන් කර ඇති අතර ඔහු සතු බැංකු ගිණුම් සහ වෙනත් වත්කම් තිබේදැයි තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව වැඩිදුරටත් පවසා ඇත.

lalitha

lalitha

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>