කුණු ඇලෙන් හමුවූ පාද යුගලයේ අබිරහස

null

අද අළුයම පොලිසියට ලැබුණු තොරතුරක් මත දෙමටගොඩ සිරිධම්ම මාවත ප්‍රදේශයේ කුණු ඇළක තිබී මිනිස් පා යුගලක් සොයාගනු ලැබුවේය.

පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කල අතර ඒ ආසන්නයේ තිබූ යතුරු කැරැල්ලක් හරහා වැදගත් හෝඩුවාවක් සොයාගත් බව පොලිසිය පවසයි.

පොලිස් සුනඛයන් යොදා එම ස්ථානය පරික්ෂ කර ඇති අතර එම සුනඛයින් එම මාර්ගය ඔස්සේ ගොස් කඩයක් අසල නතරවී තිබේ. එම කඩයේ සිටි කාන්තාවකගෙන් පොලිසිය ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

කෙසේවෙතත් මෙම මිනිස් පා යුගල කුමන පුද්ගලයෙකුගේ දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

පෙර පළවූ පුවත පහතින්.

කපාදැමූ මිනිස් පාද දෙකක් කුණු ඇළක

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>