කුමන්ත‍්‍රණ පරදවා මාතෘභූමිය රැක ගන්නවා

null

සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට විශ‍්‍රාම වැටුප් ලිපි ප‍්‍රදානය කිරීම සඳහා මිහින්තලය රජරට විශ්වවිද්‍යාල ක‍්‍රීඩාංගනයේ ඊයේ පැවති උත්සවයකට එක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ රණවිරුවන් දිවි හිමියෙන් දිනා දුන් නිදහස පාවාදීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි.

රටේ නිදහසත්, සංවර්ධනයත් අහිමි කිරීම සඳහා රාජ්‍ය නොවන ආයතන දැඩි උත්සහයක නිරත වෙමින් සිටින බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අපේම නායකයන්ද පටු දේශපාලන අරමුණු උදෙසා ඊට සහාය දක්වන බවද මෙහිදී සඳහන් කළේය.

දෙස් විදෙස් වශයෙන් කුමන කුමන්ත‍්‍රණ කි‍්‍රයාත්මක වුවත් ඒවා පරාජය කර නිදහස් මාතෘ භූමිය අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්නා බව ජනාධිපති අවධාරණය කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>