කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

null

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේදී කෑගල්ල පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ජනාධිපතිවරණයට පෙර සංචාරක වීසා උපයෝගී කරගනිමින් මෙරටට පැමිණි ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි කුමාර් ගුණරත්නම්ගේ වීසා කාලය ඉකුත් ජනවාරි 31 වනදායින් අවසන් වී ඇත.

අනතුරුව ආගමන විගමන පාලකවරයා පොලිස්පතිවරයාට දැනුම්දුන්නේ නීතිවිරෝධීව මෙරට රැඳී සිටින කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

ඉන්පසුව සැඟවී සිටි කුමාර් ගුණරත්න මහතා අද දිනයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>