කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණෙයි

null

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔහු අද අලූයම 12.15 ට පමණ දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

රටින් පිටුවහල් කර සිටි කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් වන දඩ මුදල ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ ප‍්‍රකාශ කල බව හිරු නිව්ස් සඳහන් කරයි.

මීට පෙර ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ වීසා කල් ඉකුත්වීමෙන් අනතුරුව ද මෙරට රැදී සිටීම හේතුවෙන් කුමාර් ගුණරත්නම්ට දඩ නියම කෙරුණ අතර එහිදී ඔහු පෙනී සිට ඇත්තේ නොයෙල් මුදලිගේ යන නමින් ඕස්ටේ‍්‍රලියානු රජය නිකුත් කළ ගමන් බලපත‍්‍රයකිනි.

අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකට කුමාර් ගුණරත්නම් මහතා එක්වීමට නියමිත බව පුබුදු ජාගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>