09 Oct 2015
කුමාර් සංගක්කාර නමින් මාවතක්
ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ නමින් නුවරඑළියේ මාර්ගයක් නම් කිරීමට නුවරඑළිය මහ නගර සභාව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ගෙනදුන් කීර්තිය වෙනුවෙන් නුවරඑළිය – කළුකැලේ මේ දිනවල සංවර්ධනය කෙරෙන මාර්ගයක් සංගක්කාර මහතාගේ නමින් නම් කොට ඔහුට නුවරඑළිය ජනතාවගේ උපහාරය පුද කරන බව පුරපති මහින්ද දොඩම්පේගම මහතා පවසයි.
පසුගියදා පැවති නුවරඑළිය මහ නගර සභා මාසික මහ සභා රැස්වීමේ දී එම තීරණය ගෙන ඇත. ඊට අමතරව ඔහුට සුබ පැතීමේ යෝජනාවක්ද සභා රැස්වීමේ දී සම්මත වී තිබිණි.