කුරුණෑගලදී චන්ද්‍රිකාට හූ කිව්ව හැටි – Video

null

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත සමුළුව පැවැත්වෙන අවස්ථාවේදී ඊට සහභාගි වූ හිටපු ජනාධිපතිනි චන්දි්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට රැස්වීමට පැමිණ සිටි පිරිසකගෙන් විරෝධයක් එල්ල වී තිබුණි.

උත්සවය ආරම්භක අවස්ථාවට එක්වෙමින් පොල්තෙල් පහන දැල්වීමේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට උත්සවයට පැමිණ සිටි පිරිසක් හූ කියමින් විරෝධය පළ කළේ ඇයගේ නම ප්‍රකාශ කිරීමත් සමඟයි.

එලෙස විරෝධතාවක් පැවතියේද රැස්වීමේදී ඒ පිළිබද කිසිදු අදහස් පළ කිරීමක් සිදුව නැහැ. කෙසේවෙතත් රැස්වීම අවසන්වීමෙන් පසු ඝෝෂා කළ පිරිස සහ ඊට එක්ව සිටි තවත් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ.

හිටපු ජනාධිපතිනිය එම ස්ථානයෙන් පිටවී යන අවස්ථාවේ ඇයට පිරිසක් විරෝධය පළ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එල්ල කරන චෝදනා සම්බන්ධයෙනි. කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වීමෙන් එම තත්ත්වය පාලනය කර තිබේ.

එම අවස්ථාව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>