කුරුණෑගල දැරිය අතුරුදහන් වීම සම්බන්ධව කට්ටඩියෙකුගෙන් ප්‍රශ්න කෙරේ

keshali

පසුගියදා කුරුණෑගල – ගනේවත්ත – අඹකොලවැව ප‍්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ සිව් හැවිරිදි තාමාරා කෙෂලි බණ්ඩාර දැරිය පිලිබඳ මේ වනතුරුත් නිශ්චිත ආරංචියක් ලැබී නොමැති බව වාර්තා වෙයි.

මෙම දැරිය ඊයේ අලූයම අතුරුදන්ව තිබුණේ සිය නිවසේ සොහොයුරා සමඟ නිදා සිටින විටයි. කිසියම් පිරිසක් නිවසේ ජනෙල් ආවරණය කර තිබූ ඉටිකොළ කපා දමා මදුරු දැලේද කොටසක් කපා ඇය රැගෙන ගොස් තිබේ.

අසල්වැසි කාන්තාවක් පොලිසියට පවසා ඇත්තේ දැරිය පැහැරගෙන යන අවස්ථාවේ ඇගේ කැගැසීම් ශබ්ද ඇසුණු බවයි. මේ අතර ප්‍රශ්න කිරීම සඳහා මෙම නිවසට ආගිය
කට්ටඩියෙකුද පොලිස් භාරයට ගෙන ඇත. මෙම පුද්ගලයා කාලයක් තිස්සේ කෙශාලිගේ පවුලේ අය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර කෙශාලි දරියටත් ඇගේ සොහොයුරාටත් , සොහොයුරියටත් දැඩි ලෙස ආදරයෙන් සිටි බව වාර්තා වේ. එමෙන්ම කෙශාලි දැරිය දරු කමට හදාගැනීමට පවා අවස්ථා කිහිපයකදීම ඇගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා ඇත.

සැකකාර කට්ටඩියාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇතත් පැහැරගැනීමට ලක්වූ දැරිය පිලිබඳ වැදගත් තොරතුරක් ඔහුගෙන් අනාවරණය කරගැනීමට නොහැකිවූ බව පොලිසිය පවසයි. ඔහු පොලිසියේදී අඳුනක්ද බලා ඇති අතර ඔහු පවසා ඇත්තේ සුදු කාන්තාවක් මෙම දැරිය රඳවාගෙන සිටින බවයි.

කෙසේවෙතත් පොලිසිය පවසන්නේ කට්ටඩියා පවසන දේ විශ්වාස කල නොහැකි බවයි. එමෙන්ම මෙම දැරිය පැහැරගැනීම පිටුපස කප්පම් ලබාගැනීමේ අරමුණක් නොමැති බව පොලිසිය සනාථ කර ඇත.

මේ ගැන සෙවීම මිට පෙර මීගල්ලැව දිනිඳු පැහැරගැනීමේ සිද්ධිය පිලිබඳ පරීක්ෂණ සිදුකල රහස් පොලිස් කණ්ඩායමට භාරදී ඇති බවට වාර්තා වෙයි.

parents
දැරියගේ මව්පියන්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>