කුරුණෑගල පොලීසිය තුළ දී පිහි ඇනුමක්

knife

ඊයේ (15) පෙරවරුවේ කුරුණෑගල පොලිසිය තුලදී කාන්තාවකට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකර තිබේ. මෙම කාන්තාවගේ අනියම් සැමියා විසින් පිහි ඇනුම සිදුකළ බවට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූවේ කුරුණෑගල – මල්කඩුවාව ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි. ඇය පොලීසියට පැමිණ තිබුණේ ද මෙම අනියම් සැමියාගෙන් තමන්ට හිරිහැර සිදුවන බවට පැමිණිලි කිරීමටයි.

කුරුණෑගල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරිපිට දී පිටුපසින් පැමිණි සැකකරු ඇයට පිහි පහර කිහිපයක් එල්ල කර තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා. 42 හැවිරිදි සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>