කුවේට් හිදී වද හිංසාවට ලක්වූ කාන්තාව දිවයිනට

null

කුවේට් – හවාලි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලාංකික රැකියා නියෝජිත ආයතනයකදී වද හිංසාවට ලක්වූ පොල්පිතිගම – මකුල්පොත – යාය 7 ප්‍රදේශයේ පදිංචි වයි.එස්.කේ. තිලකලතා ඊයේ (23) දිවයිනට පැමිණ තිබේ.

මෙම කාන්තාව කටුනායක ගුවන්තොටුපලෙන් ඊයේ දිවයිනට පැමිණිය ද ඇය කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර නොමැත. ඒ ඈ යම් කිසි මානසික ආතතියකින් පෙලීම හේතුවෙන්.

මෙම කාන්තාව කුවේට් බලාගොස් තිබුණේ මේ වසරේ මාර්තු මාසයේදීයි. ඇය සේවයට ගිය අවස්ථාවේදී ඇයට විවිධ කරදර හිරිහැරවලට ලක්වීමට සිදුව තිබුණි. ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෙම ශ්‍රී ලාංකික කාන්තාව කුවේට්හි පිහිටි තම සේවයට පැමිණි විදේශ රැකියා නියෝජිත ආයතනය වෙත ගොස් ඇති අතර, එහිදී ඇය පහරදීමට ලක්ව තිබුණ අතර එම අවස්ථාවේ පටිගත කරන ලද වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමෙන් පසු ඒ පිළිබඳව දැඩි කතාබහට ලක්විය.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ මැදිහත්වීමෙන් ඇය මෙලෙස දිවයිනට ගෙන්වාගෙන තිබේ. විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ කියා සිටියේ අද මෙම කාන්තාව සිය නිවැසියන් වෙත භාර දෙන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>