කුසල්ගේ “බී” සාම්පලයෙත් තහනම් උත්තේජක

null

තහනම් උත්තේජක ශරීරගතව ඇති බවට වාර්තාවී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ ‘බී’ සාම්පලය පරීක්‍ෂාකිරීමේදී ද අදාළ තහනම් උත්තේජකය එහි අන්තර්ගත බව ඔප්පුවී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව කුසල්ට රසායනාගාර පරීක්‍ෂණ මට්‌ටමෙන් සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට වෙනත් අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇති බැවින් ඔහු තරග තහනමකට ලක්‌වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ අනුව කුසල්ට ඉදිරි ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගෙවලිය අහිමිවීමේ අවදානමක්ද මතුව තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>