කුසල්ට ජනපතිගෙන් ඇමතුමක්

null

තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවට ලක්ව සිටින ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් කුසල් ජනිත්ගෙන් කරුණු විමසා ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ගැටලූ සහගත තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල පෞද්ගලිකවම සොයාබලන බව ජනාධිපතිවරයා එහිදී කුසල් ජනිත්ට ප‍්‍රකාශ කර තිබේ.

දක්ෂ ක‍්‍රීඩකයෙකු ලෙස ඔහු නැවත ක‍්‍රීඩා කරනු දැකීම තම සතුට වන බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>