කුසල්ට තරග පාවාදෙන්න මුදල් දෙන්න හැදූ ලාංකිකයා මෙන්න

null

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති ක්‍රිකට් තරගාවලියක් අතරවාරයේදී කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට තරග පාවාදීමට මුදල් ලබාදීමට උත්සාහ කර ඇත්තේ ගයාන් විශ්වජිත් නැමැත්තෙකු විසින් බව මේවන විට හෙළිව ඇතැයි වාර්තා වෙයි.

විදේශීය කණ්ඩායම් මෙරට සිදුකරන සංචාරවලදී අදාළ පුද්ගලයා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට පන්දු යවමින් පුහුණුවීම්වලට සහාය ලබාදෙන අයෙකු වෙයි.

ඔහු ක්‍රිකට් ක්‍රීඩකයන්ට හඳුන්වා දී ඇත්තේ වේගපන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක විසින් බවද පැවසේ. ගයාන්ව අනූෂ රැගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුව සඳහා පන්දු යැවීමටය.

මෙවැනි පන්දු යවන්නකු සම්බන්ධයෙන් කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයකු හෝ නොදන්නා අතරම මොහු කිසිදු ක්‍රීඩා සමාජයක ක්‍රීඩා නොකරන බවද පැවසේ.

අදාල නාමික වේගපන්දු යවන්නාගේ ව්‍යාපාරය වන්නේ නිරූපිකාවන් ලබාදෙන ස්ථානයක් පවත්වාගෙන යාම වන අතර අදාල ව්‍යාපාරයට අනූෂගේ බිරියගේ සහය ලැබෙන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන ක්‍රීඩකයන් වන නායක ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග හා කුසල් ජනිත් පෙරේරා මොහුගේ කිට්ටු මිතරන් බවද ක්‍රිකට් ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද ලබන සඳුදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

මීට අමතරව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමනාකරුද ලබන අඟහරුවාදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>