07 Dec 2015
කුසල් තහනම් උත්තේජක අරන්
තහනම් උත්තේජක පරීක්ෂණයකින් අසමත්වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ ප්රහාරාත්මක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයේ සිට යළි දිවයිනට කැඳවීමට පියවර ගෙන තිබේ.
නිමා වූ පාකිස්තාන ක්රිකට් තරගවලියේදී කුසල් ජනිත් පෙරේරාගේ ලබාගත් මුත්රා සාම්පලවල තහනම් උත්තේජන අඩංගුව බවට තහවුරු වී තිබේ.
ඒ අනූව එම පරීක්ෂණයේ ප්රතිඵල වලට අනූළු අයි.සී.සීයේ රෙගුලාසි අනූව කුසල් ජනිත් යළි දිවයිනට කැඳවීමටත්, තවත් සාම්පල පරික්ෂාවකින් එය තහවුරු කර ගැනීමටත් අපේක්ෂා කරන බව ක්රිකට් ආයතනය කියයි.
එසේම කුසල්ගේ සේවය අහිමිවීම වෙනුවෙන් කෞෂාල් සිල්වා නවසීලන්තය බලාපිටත්ව යාමට නියමිතය.
ශ්රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය ටෙස්ට් තරඟ 2කින්, එක්දින තරඟ 5කින් හා පන්දුවාර 20-20 තරඟ දෙකකින් සමන්විතය.
ටෙස්ට් තරඟාවලිය ලබන 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.