කුසල් තහනම් උත්තේජක ගත් හේතුව මෙන්න

null

කුසල් ජනිත් පෙරේරා භාවිත කර ඇති ඖෂධය, අන්තර්ජාතික ක‍්‍රිිකට් කවුන්සිලය විසින් තහනම් කරනු ලැබ ඇති ඖෂධයක් විය නොහැකි බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරම් ජයරත්න මහතා පවසයි.

කුසල්ගේ පාදයක් කූඩැල්ලෙකු විසින් සපා කෑම හේතුවෙන් මෙම ඖෂධය ලබා ගෙන ඇති බව වාර්තා වෙයි. එහෙත් කුමන කාලවකවානුවකදී ඔහු මෙම ඖෂධය ලබාගෙන ඇත්දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරනය වී නොමැත.

කුසල් ලබා ගෙන ඇති ඖෂධය තුළ තහනම් සංඝටක ඇතුළත්ව තිබූ බවට ඔහු නොදැනුවත්ව සිටින්නට ඇති බව ජෙරම් ජයරත්න මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

මේවන විට නවසීලන්තයට ගොස් සිටින කුසල් දිවයිනට පැමිණි වහාම ඔහු ලබා ගත් ඖෂධ සහ ආහාර පාන සම්බන්ධයෙන් විමසා බලන බවයි ක‍්‍රිකට් ආයතනයේ උසස් නිළධාරියෙකු පවසා තිබේ.

මේ අතර මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන සඳහන් කර ඇත්තේ, කුසල් පෙරේරාට මේ සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම චෝදනා නොකළ යුතු බවයි. එමෙන්ම විධිමත් පරීක්ෂණයකින් අනතුරුව මේ පිළිබඳ තවදුරටත් තහවුරු කරගත යුතු බවත් ඔහු පවසනවා.

“අප මේ සිදුවීම වැරැදිකරු වශයෙන් කුසල්ට තුවක්කු දික් නොකළ යුතුයි. ඔහුගේ ‘බී’ පරීක්ෂණයේ (තහනම් උත්තේජක පිළිබඳ වැඩිදුර පරීක්ෂණය) ප්‍රතිඵල එනතෙක් අප බලා සිටිය යුතුයි” යැයි මහේල සිය ට්විටර් ගිණුමෙන් පවසනවා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>