කුසල් පෙරේරාගේ තීන්දුව 21 වැනිදා

null

තහනම් උත්තේජක චෝදනාවලට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා ඊයේ (17) බී සාම්පල පරීක්ෂාව සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

කුසල් සමග ඔහුගේ නීතිඥ ඩිනාල් පිලිප් මහතාද කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ලබන 21 වැනිදා ඔහුගේ බී සාම්පල පරීක්ෂාව කටාර් රාජ්‍යයේ පර්යේෂණාගාරයකදී සිදු කිරීමට නියමිතයි.

කුසල් ජනිත්ගේ බී සාම්පල පරීක්ෂාවේදීද ඇනබොලික් ස්ටොරොයිඞ් නම් තහනම් උත්තේජකය ලබා ගත් බවට සනාථ වුවහොත් නව නීතිරීතිවලට අනුව ඔහුට වසර 4ක තරග තහනමක් පැනවෙනු ඇති බව තහනම් උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මේ අතර කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර ඇත්තේ බී සාම්පල වාර්තාව අනුව කුසල් ජනිත් නිවැරදිකරු වුවහොත් ඔහුට වූ අසාධාරණයට එරෙහිව තමන් කටයුතු කිරීමට සූදානම් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>