කුසල් පෙරේරාට වසර 4ක ක්‍රිකට් තහනමක්

null

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට වසර 4ක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ තහනමක් පනවා තිබේ.

තහනම් උත්තේජක භාවිතා කළැයි කියන සිද්ධියට අදාළව සිදුකළ බී සාම්පල පරීක්ෂණයෙන් ද එය සනාථ වීමෙන් පසු ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තහනම පනවා ඇත.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසන්නේ අයි.සී.සීයෙන් පැනවූ එම තහනම ලිහිල් කර ගැනීම සඳහා කටයුතු කරන බවයි.

ඒ අනූව ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

මේ ගැන වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ කුසල් ජනිත් පෙරේරා දැන දැන තහනම් උත්තේජක භාවිතා කළ බවක් ප්‍රකාශ කර නොමැති බවයි.

ඔහු සියලුදේවල් ගෙන ඇත්තේ භෞත චිකිත්සකගේ අනුදැනුම යටතේ බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

නවසීලන්ත තරඟ සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් වහාම නැවත දිවයිනට කැදවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ පසුගිය 7 වැනිදායි.

ඉන් අනතුරුව බී සාම්පල පරීක්ෂාව සඳහා පසුගිය සෙනසුරාදා කටාර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. කුසල් ජනිත්ට පැනවුණු තහනම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය මෙතෙක් නිළ නිවේදනයක් නිකුත් කර නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>