කුසල් පෙරේරා කණ්ඩායමෙන් ඉවතට
නවසීලන්තය සමඟ පැවැත්වෙන තරඟ 7කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතයෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරා ඉවත් කර තිබේ.
ඒ අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියද අහිමිවන ලකුණු පහළ වී තිබේ. මන්ද යත් ලෝක කුසලාන තරගාවලියට ප්‍රථමව ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන අවසන් එක්දින තරගාවලිය මෙය වන බැවිනි.
පසුගිය තරගාවලි කිහිපයේදීම කුසල් ජනිත් ලකුණු අතරට නොපැමිණී අතර එංගලන්තය සමග පැවැති තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේදී කුසල් ජනිත් ලබා ගත්තේ ලකුණු 99ක් පමණි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස මහේල ජයවර්ධන කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග සදහන් කරයි. නුවන් කුලසේකරට කණ්ඩායමේ ස්ථානය හිමිව තිබෙන අතර ශල්‍ය කර්මයෙන් පසුව ලසිත් මාලිංගද කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, රංගන හේරත්, සචිත්ර සේනානායක, ශමින්ද එරංග