කුළු හරක් රංචුවකට බියෙන් ගස් නැග්ග සිංහයා

null

කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ සැරිසරමින් සිටි චාර්ල්ස් කොමින් නමැති ඡායාරූප ශිල්පියා හඹා එන කුළු හරක් රංචුවකට බියෙන් ගස්බඩගානා සිංහයකුගේ ඡායාරූප තම කැමරාවේ සටහන් කරගැනීමට සමත්වී තිබේ.

සිංහයා කුළු හරක් රංචුවේ පැටවකුට කුරුමාණම් අල්ලමින් සිට පැටවා ගොදුරු කරගැනීමට ඔන්න මෙන්න තිබියදී ඉව වැටුණු වැඩිහිටි කුළු හරකුන් කලබල වීම නිසා සිංහයාගේ බලාපොරොත්තු සුන්විය. පසුපස හඹා ආ කුළු හරකුගෙන් බේරීමට සිංහයා අසල තිබූ ගසකට නැග තිබේ. කුළු හරක් රංචුවද ගස යටට පැමිණ බලාසිටියේ සතුරාට එසේ ලෙහෙසියෙන් ගැලවීමට ඉඩ නොදෙන බවට පෙන්වමනි.

කුළු හරක් රංචුවේන් බේරීමට ගහක ඉහළට නැගගත්තද නැවත නැවතත් පහළට ලිස්සන්නට වීම නිසා ගසේ රැඳී සිටීමට ගත් උත්සාහය අතහළ සිංහයා ගොරවාගෙන බිමට පැන පසුනොබලා කැලයට දිව ගොස් තිබේ.

චාර්ල්ස් කොමින් පවසන්නේ තම සංචාරය අවසන් කර නැවත නවාතැන බලා ඒමට තීරණය කළ අවස්ථාවේදී අහම්බයෙන් මෙන් මෙම සිදුවීම දුටු බවයි. මේ සියල්ල ඡායාරූපයට නැගීමට ඔහු සමත්ව තිබෙන අතර එම ඡායාරූපයන්ට මේ දිනවල අන්තර්ජාලයේ මෙන්න මාධ්‍ය වලද ලැබී ඇත්තේ මහත් පිළිගැනීමකි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>