කූරගලට ඇතුලුවීමට ගිය සිංහල රාවයට ජල ප්‍රහාරයක්

null

බලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමට බලහත්කාරයෙන් ඇතුළු වීමට තැත් කළ සිංහල රාවය සංවිධානයේ පිරිසකට පොලීසියෙන් ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි අද පෙරවරුවේ සිට කූරගල ඓතිහාසික භූමියට ගමන් ගන්නා‍ මාර්ගය හරස් කරමින් සිහළ රාවය සංවිධා‍නයේ පිරිස් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර ඇති අතර ඉන් අනතුරුව කූරගල ඓතිහාසික භූමියට අදාළ පිරිස විසින් අනවසරයෙන් ඇතුලුවීමට උත්සහ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ එම පුදබිමට ඇතුළුවීම වළක්වාලමින් අධිකරන නියෝගයක් පොලීසිය විසින් ලබාගෙන තිබූ බවයි.

කෙසේ වෙතත් අණ නොතකා කූරගලට ප්‍රදේශයට ඇතුලුවීමට සිහළ රාවය සංවිධානයේ පිරිස් උත්සහ කර ඇති අතර එම අවස්ථාවේදී එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අනවසරයෙන් ඉදි කළ බව කියන ආගමික ස්ථානයක් බලහත්කාරයෙන් ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබූ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>