කෙල්ලෙකුගේ ජීවිතේ රැකගන්න දේවල් තියෙන බව දැනගෙන හිටියේ නැහැ
මගේම රත්තරන් අම්මේ තාත්තේ අක්කේ ”මම ඔයාලට ගොඩාක් දුක් දුන්නා. මම මගේ ජීවිතයට වඩා වොලිබෝල්වලට ආදරය කළා. ඒ නිසා අද මෙහෙම අසරණ වෙලා ඉන්නවා. ප්රැක්ටිස්වලට ගියාම කියන දේවල් කරලා පැත්තකට වෙලා ඉන්නවා. මේ සියල්ලටම මුල මගේ අහිංසකකම. ඒ අහිංසක කමින් අර ආත්මාර්ථකාමියා මගෙන් ප්‍රයෝජන ගත්තා. ඔයාලා මගේ ජීවිතේ උණ දේවල්වලින් නොදන්න දේවල් ගොඩයි. මම 11 වසරට එනකන් කෙල්ලෙකුගේ ජීවිතේ රැක ගන්න දේවල් තියෙන බව දැනගෙන හිටියේ නැහැ.”
තම අත් අකුරින් පිටු දෙකක් තමන්ගේ පාසල් ජීවිතයේදී තමාගේ ජීවිතය කාලකණ්ණියෙකු විසින් කෙළෙසු අයුරු අමිහිරි අත්දැකීම් ලියා තබා පාසල් වැසිකිළිය තුළදී ඇට වර්ගයක් සීනි සමග කෑමෙන් මියගිය නවෝදා එරන්දීගේ ලිපියේ ඉහත වදන් කීපය හද කකියවයි.
අම්පාර දිස්ත්‍රික්කයේ පරගහකැලේ ගම්මානය අපේ රටේ පැරණ්නන් ජීවත් වූ ගම්මානයකි. ඉගිනියාගල සේනානායක සමුදුර ඉදිකිරීමක් සමගම මෙම ගම්මාන ජනපද බවට පත්විය.
මෙම ගම්මානයේ අනුපවුලකින් ජීවත් වෙන එfච්.එම්. ගුණවර්ධන මහකා තිදරු පියෙකි. නවෝදි ඔහුගේ දෙවැනි දියණියයි. ඇය මූලික අධ්‍යාපනය ලැබුවේ වාවින්නේ පිහිටි පාසලකය. කුඩා කල සිටම ක්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි, වොලිබෝල් ක්‍රීඩාවට දක්ෂතාවයක්් පෙන්වුවාය. පාසලේ වොලිබෝල් පුහුණු කරුවකු නොමැති නිසා සිවිල් ආරක්ෂක බලකායේ වොලිබෝල් පිළිබඳව දන්නා පුද්ගලයකු මෙම දරුවන් පුහුණු කිරීම සඳහා පාසලට පැමිණියේය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය. එම විදුහලේ අත්පන්දු කණ්ඩායමේ පුහුණුවීම් සිදුවූ අතර කිසිවෙකු නොදත් තවත් දෙයක් සිදුවෙමින් පැවතුනි. අත්පන්දු පුහුණු කිරීමට පැමිණි පුද්ගලයා තවත් කාරණයකට මුල පුරමින් සිටියේය. ඒ අත්පන්දු ක්‍රීඩාවට දක්ෂ නවෝදා එරන්දි තම ග්‍රහණයට අසුකර ගැනීමටය. දිනක් මෙම පුහුණු කටයුතු සිදුකළ පුහුණුකරුට නවෝදා එරන්දි සිසුවිය හමුවිය. කව්රුවත් නැති අවස්ථාවක් බැලූ ඔහු පාසල් ක්‍රීඩාගාරය තුළදී අහිංසක එරන්දිගේ හිරිමල් යෞවනය උදුරාගත්තේ ඇයගේ අහිංසක කමින් ප්‍රයෝජන ගනිමින්ය. කාලය කෙමෙන් ගෙවී ගියේය. මෙම පුහුණුකරුගේ වංචා ආදරයට නවෝදා එරන්දි නතුවූවාය. දිනෙන් දින ඔහු දෙන පොරොන්දු අතරේ අහස් මාලිගා තනමින් සිටියාය. මෙම කාලය තුළදී ඇය උසස් අධ්‍යාපනය ලැබීමට නගරයේ පාසලකට පැමිණියාය. නමුත් මෙම පුහුණුකරු එරන්දිගේ ඇසුර අත් අහැරියේ නැත. ඇය තම නිවසේ සිට පාසලට පැමිණෙන්නේ සිසු සැරිය බස් රථයෙනි. බස් රථයේ රියැදුරු හිතවත් කරගත් මෙම පුද්ගලයා අතරමගකදී බස් රථය නවත්වා ගෙන නවෝදා එරන්දි සිසුවිය පාසල් නිල ඇඳුම සමගින්ම හෝටලයකට රැුගෙන ගිය අවස්ථා රැුසක් ඇත. දැනට ඉඟිනියාගල පොලිසිය විසින් සිදු කරනු ලබන පරීක්ෂණවලදීද මෙය තහවුරු වී තිබේ.
කාලය ටිකෙන් ටික ගෙවී ගියේය. මෙම තිරිසන් ගති ඇති මිනිසාගේ ක්‍රියා කලාපය ඇයට අවබෝධ විය. මේ වනවිටත් ඇයගේ ජීවිතය විනාශ කර අවසන්ය. තමාගේ දුක කියන්නට කෙනෙක්ද නැත. සමාජයට මුහුණ දීමට ඇති ලජ්ජාව නිසා ඇය සිය දිවි හානිකර ගැනීමට තීරණය කරන්නට ඇත. එහි අවසන් ප්‍රතිඵලය වුයේ රට ට ජාතියට සම්පතක්වීමට සිටි දක්ෂ දියණියක් අපට අහිමිවීමයි.
එච්.එම්. ගුණවර්ධන පියා මෙසේ කියයි.
මේ නැතිවෙලා ඉන්නේ මගේ දෙවැනි දුව. එයා වොලිබෝල් ක්‍රීඩාවට හරිම දක්ෂයි. මුලින්ම ගමේ පාසලට ගිහින් පස්සේ වැඩිදුර අධ්‍යාපනයට නගරයේ පාසලට ගියා. ඉගෙන ගන්නත් දක්ෂයි. මට 10 වෙනිදා පාසලෙන් කථා කරලා කිව්වා දුවට සනීප නැහැ කියලා එන්න කියලා. මමයි නෝනයි පාසලට ගියා. යනකොට දැන ගත්තා දුව මල් ඇට කාලා රෝහල් ගත කළා කියලා. අපි ගිහින් බලද්දී දරුවා රෝහලේ හිටියා.
මගේ දුව වොලිබෝල් ක්‍රීඩාවට හරිම දක්ෂයි. ගමේ පාසලේදී ඒ අය පුරුදු කරන්න ග්‍රාම ආරක්ෂක සේවයේ හිටපු කෙනෙක් ගමේ විදුහලට ආවා. එයා තමයි මේ සියලු දෙනාටම පුරුදු කරේ. කොහොම හරි අපේ දුව සහ මේ අය අතර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. පසුව අපි මේ පිළිබඳව ඉඟිනියාගල පොලිසියට දැනුම් දුන්නා.
මම මේ පිළිබඳව 2014.05.08 වෙනිදා ඉඟිනියාගල පොලිසියට ගිහින් මේ පිළිබඳව කිව්වා. පොලිස් ස්ථානාධිපතිතුමා කිව්වා මේක ගණන් ගන්න එපා කියලා. කොළඹ නම් ඕවා ගණන් ගන්නේ නැහැ කිව්වා. අපේ පැමිණිල්ල භාර ගත්තේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මොනවද කරන්නේ කියලා. එදා අපි කිව්ව දේවල් පොලිසිය ඉටු කළා නම් අදත් මගේ දරුවා ජීවත් වෙනවා යැයි කඳුළු පිරි දෙනතින් පැවැසීය.
එච්.එම්. දිනුෂා දමයන්ති (අක්කා)
නංගි මගේ යාලූවෙක් වගේ හිටියේ. හැබැයි කිසිම සිද්ධියක් මට කිව්වේ නැහැ. එයා හිටපු ගමන් මාත් එක්ක තරහා වෙනවා. ටික වෙලාවකින් ආයෙත් යාළු වෙනවා. ඉගෙන ගන්නත් කී‍්‍රඩාවටත් හරිම දක්ෂයි. නංගිට උන දේ හිතා ගන්න බැහැ. වොලිබෝල් පුහුණු කරන්න ආපු සිවිල් ආරක්ෂක බලකායේ මිනිහා මගේ නංගිගේ ජීවිතේ විනාශ කරලා තියෙනවා. එදා තාත්තා පොලිසියට ගිහින් කියපු වෙලාවේ පියවරක් ගත්තා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.
කමණි රාජපක්ෂ විදුහල්පතිනිය
මම මේ පාසලට ඇවිල්ලා සතියක් වෙනවා. මේ සිද්ධිය දැන ගත්ත වෙලාවේ මම පන්ති භාර ගුරුතුමිය සමග ඉතා ඉක්මනින් මේ දරුවා අම්පාර මහ රෝහලට යැව්වා. රෝහලේදී දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි මේ දරුවා මිය ගියේ. අපි ඇයගේ පොත් බෑගය බලද්දී ඒකේ ලියුමක් සහ ජංගම දුරකථනයක් තිබුණා. ඒ ලියුමේ තියෙන දේවල් වලින් මේ සිදුවීම පිළිබඳව අපිට හිතා ගන්න පුළුවන් වුණා. මේ සිදුවීම ඉතාම කනගාටුදායකයි. මේ දරුවා අපේ විදුහලේ හිටිය දක්ෂ දරුවෙක්. ක්‍රීඩාවට වගේම ඉගෙන ගන්න හරිම දක්ෂයි. හැබැයි මේ දරුවාට මේ අතවරය වෙලා තියෙන්නේ අපේ විදුහලේදී නොවෙයි. මෙවැනි දේවල් වැළැක්වීම සඳහා අපි සියලූ දෙනා වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් කරුණක් වෙනවා.
ලංකාදීප ඇසුරිනි
viduhalpathiniya ganata anga beragena.
ow ithin kohomath rape karanda bahane iskoledi, wena koheta hari ekkagena gihin thamai karanda aththe.
eth mewa gena hoyala balana eka iskole barawa inna widuhalpathini ayage wagakeema. aparade jeewithe me kellage