30 Nov 2014
කෙස් වලින් සැකසූ අපූරු නිර්මාණයක්
එංගලන්තයේ වෙසෙන wenda Gu නැමති කලා ශිල්පියා අපූරු කලා ප්රදර්ශනයක් ආරම්භ කර තිබේ. විශේෂත්වය වන්නේ මෙහි සියලු නිර්මාණ සිදු කර තිබෙන්නේ මිනිසුන්ගේ හිස කෙස් උපයෝගී කරගෙන වීමයි.
මෙලෙස යොදාගත් කෙස් ගම් භාවිතයෙන් අලවා ලෝකයේ රටවල් වල ජාතික කොඩි නිර්මාණය කර තිබේ.
එවැනි නිර්මාණ 250ක් පමණ මෙම ප්රදර්ශනයට ඇතුලත් බව වාර්තා වේ.
මෙම නිර්මාණ සිදු කර තිබෙන්නේ ෂැන්හයි හි උපත ලබා එංගලන්තයේ වාසය කරන Wenda Gu නම් කලා ශිල්පියායි. ඔහු මෙම කාර්යයට වෙනත් කලාකරුවන් කිහිප දෙනෙකුගේද සහය ලබාගෙන තිබේ.
මෙලෙස කෙස් යොදාගෙන නිර්මාණ සිදු කිරීම අසීරු කටයුත්තක් බවත් වැඩි වශයෙන් කාල වේලාව වැය වන බවත් සඳහන්.
මෙම අපූරු ප්රදර්ශනය ලන්ඩන් නුවර Saatchi කලාගාරයේදී ලබන පෙබරවාරි 23 වන දින තෙක් පැවැත්වීමට නියමිතය.