31 Oct 2015
කෙසෙල් වත්තක බිලිඳු මළසිරුරුක්
පෝද්දල, බලගොඩ ප්රදේශයේ කෙසෙල් වත්තක තිබී දිනක් වයසැති බිලිඳු මළසිරුරුක් සොයා ගෙන තිබේ. ඒ ප්රදේශවාසීන් විසින් පොලිසියට කල දැනුම් දීමකින් පසුවයි.
බිළිදු මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දැමුවේ කවුරුන් ද යන්න මෙතෙක් සොයාගෙන නොමැත.
බිලිඳු මළසිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්රාත් පරීක්ෂණය බද්දේගම වැඩබලන මහේස්ත්රාත් වීරසිරි ඩයස් මහතා විසින් සිදු කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද (31) සිදු කිරීමට නියමිතයි.
පෝද්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.