කේන් බෝනික්කා වෙන්න සැත්කම් කරගත් තරුණයා පිළිකාවකින් මරුට
ලොව පුරා ජනප්‍රියත්වයට පත් කේන් බෝනික්කා මෙන් තම රූපය හදාගැනීමට සැත්කම් කිහිපයක් සිදු කල celso santebanes නමැති තරුණයා පිළිකාවකින් මියගොස් තිබේ.
මියයන විට 21 හැවිරිදි වියේ පසුවූ ඔහු බ්‍රසීලියන් ජාතිකයෙක් වේ.
වයස අවුරුදු 16 දී නිරූපන තරඟයකින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඔහු විසින් සිය නිකට, නාසය, හා පපු ප්‍රදේශය සැත්කම් සිදු කරමින් වෙනස් කරගෙන ඇත.
කෙසේ වෙතත් මීට මාස 5කට පමණ පෙර ලියුකේමියා රෝගය වැළඳීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබේ. එහිදී සිදු කල පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ මොහු වසර 5ක පමණ සිට පිළිකාවකින් පීඩා විඳ ඇති බවයි.
වෛද්‍යවරුන් පවසා ඇත්තේ ශරීරයට සිදුකල සැත්කම් හේතුවෙන් මෙම පිළිකාව වැළඳී ඇති බවයි. රෝගී තත්වය දැනගැනීමෙන් පසු ඔහුගේ සිහින සියල්ල බොඳ වූවත් ඔහු අධෛර්යට පත්නොවී ජිවත් වීමට සිහින මැවූ බව ඔහුගේ පියා පවසයි.
කෙසේ වෙතත් මෙවැනි මාර්ග වලින් රූපය ලස්සන කරගන්න යන සියළුදෙනාට සිතන්න යමක් ඉතිරි කරමින් ඔහු ඊයේ ජිවිතයෙන් සමුගෙන තිබේ.
celso santebanes සැත්කම් සිදුකිරීමට පෙර හා පසු