කේ.පීට රටින් පිටවීම තහනම්

null

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අංශයේ නායක බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පීගේ විදේශ ගමන් බලපත‍්‍රය අභියාචනාධිකරණය විසින් අත්හිටුවා තිබේ.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි කේ.පී අත්අඩංගුවට ගන්නැයි ජ.වි.පෙ විසින් ඉදිරිපත් කළ පෙත්සම පසුගිය 27 දින සලකා බැලූ ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුව අත්අඩංගුවට ගැනීම හෝ පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව ගැන අද දින අධිකරණයට කරුණු දක්වන්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබුණි.

ඒ අනුව අද දින අභියාචනාධිකරණය විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවන ලෙස නියෝග කර ඇත.

විවිධ නම්වලින් විදේශ ගමන් බලපත‍්‍ර කිහිපයක් කේ.පී. සතුව තිබෙන බවට තොරතුරු අනාවරණ වී ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

අධිකරණයෙන් නිකුත් කෙරුණු විවෘත වරෙන්තු මත ජාත්‍යන්තර පොලිසියෙන් අත්අඩංගුවට ගත් කේ.පී. ඉකුත් රජය සමයේ ශ‍්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>