කේ.පී. අත්අඩංගුවට ගන්නැයි ජවිපෙ පැමිණිලි කරයි

null

කේ.පී හෙවත් කුමරන් පද්මනාදන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ නඩු පවරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

හිරු නිව්ස් සඳහන් කරන්නේ හෙට දිනයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්, කේ.පී. ට එරෙහි අදාළ චෝදනා ගොනු කිරීමට නියමිත බවයි.

කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. 2009 වසරේ සැප්තැම්බරයේ මැලේසියාවේදී ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එනු ලැබු අතර එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර අංශයේ නායකයා ලෙස කටයුතු කළ ඔහුට යුද්ධය පැවති සමයේ නීති විරෝධි කටයුතු රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල විය.

නමුත් පසුගිය රජය ඔහුට එරෙහිව නිතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා පියවර නොගත් බවට බොහෝදෙනා චෝදනා කරනු ලබයි.

මෙරට ආරක්ෂක අංශ යටතේ පුනරුත්ථාපනය ලැබූ කේ.පී. මේ වනවිට කිලිනොච්චියේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයේ ප‍්‍රධාන භාරකරු ලෙස කටයුතු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>