කේ.පී රටින් නොයන බව කියයි

null

එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී නොහොත් කුමරන් පද්මනාදන් තමන් ශ්‍රී ලංකාවෙන් පිටව ගියේ නැති බව පවසා තිබේ.

කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කෙරුණා නමුත් හිරු නාලිකාවෙන් ඔහුට ඇමතුමක් ලබාදී ඒ පිළිබඳව විමසු විට ඔහු පවසා ඇත්තේ තවමත් කිලිනොච්චියේ රැඳි සිටින බවත්, තමාට රට හැරයාමට උවමනාවක් නැති බවත් ය.

නව රජය තමා සම්බන්ධයෙන් කවර ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි නොදන්නා බවද ඔහු පවසා තිබෙන අතර තමන් කිලිනොච්චියේ ළමා නිවාසයක් පවත්වාගෙන යමින් සිටින බවත්, නව රජය තමාගේ එම මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා සහය දෙනු ඇති බවත්, හෙතෙම පවසා ඇත.

හිරු නිව්ස් සඳහන් කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ අදහස් දක්වා තිබේ.

“මං තාම මගේ මව්බිමේ ඉන්නෙ පුංචි දරුවන් එක්ක.ශ්‍රීලංකාව අතඇරල යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ.දැන් මං දරුවන් 300 දෙනෙක් බලාගන්නවා. මේ අවුරුද්දෙත් තව දරුවන් 300 දෙනෙකුට රැකවරණය දෙන්න තමා මං බලාපොරොත්තුවෙන් ඉන්නෙ.අනික මම ආරක්ෂක රැකවරණය යටතේ ඉන්නෙ.පිරෙටකට යන්න අවස්ථාව ලැබුණත් මම යන්න හිතන්නෙ නැහැ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>