කොටකෙතන අතුරුදන්වූ කතගේ මළසිරුර ඇළෙන් හමුවෙයි

null

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ අතුරුදන් වු කාන්තාවගේ මළසිරුර කොටකෙතන ඇලේ තිබී සොයාගෙන තිබේ. සෝදිසි මෙහෙයුම්වල නිරත වු පොලිස් කණ්ඩායම් විසින් මළසිරුර සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ එම කාන්තාවගේ නිවසේ සිට කිලෝමිටර භාගයක් පමණ දුරින් පිහිටි ඇල මාර්ගයක තිබී එම සිරුර සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරික්‍ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වුවත් මළ සිරුර හඳුනා ගත නොහැකි අයුරින් විරූපී වී ඇති බවද, සිරුරේ තුවාල කිහිපයක් ද දක්නට ලැබුණු බවද පොලීසිය පවසයි. එමෙන්ම මළසිරුරේ ඇඳුම් කිසිවක් තිබී නොමැති බවද වාර්තා වේ.

ඝාතනයට හේතුව කුමක් දැයි ප‍්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරික්‍ෂණයෙන් අනතුරුව බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස අතුරුදන්ව සිටියේ කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තුන්දරු මවක්. ඇයගේ සැමියා කහවත්ත පොලීසියට ඊයේ අලූයම 1 යි 45 ට පමණ පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබුණේ තමන් අසල්වැසි නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී අලූයම නිවසට පැමිණෙන විට සිය බිරිඳ නිවසේ නොසිටි බවටයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>