කොටකෙතන කතගේ නිවසේ මේස් පා සලකුණක්

null

කහවත්ත, කොටකෙතනදී ඝාතනයට ලක්වූ තිදරු මවගේ නිවසේ මිදුලේ තිබී මේස් පා සලකුණක් සහ නිවාස තුල තිබී ඊට සමාන මේස් එකක් පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි කාන්තාව ඝාතනය කිරීමෙන් පසු පොලිසිය නොමග යැවීමට කිසියම් සංවිධානාත්මක කල්ලියක් විසින් මෙය සිදුකලේදැයි යන්න පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වේ.

පසුගිය 5 වනදා අලුයම සිට අතුරුදන්වී සිටි චන්ද්‍රානි ස්වර්ණලතා (39) මහත්මියගේ සිරුර ඊයේ සොයාගනු ලැබුවේ කොටකෙතන ඇළේ තිබියදී ය. සිරුර මරා දැමීමෙන් පසු නිවසින් පිටතට ගෙන ගොස් දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

එම කාන්තාවගේ නිවසේ හා පොලිසියේ සිට මීටර් 500-600 දුරින් මෙම ඇළ පිහිට ඇත. එම කාන්තාවගේ නිරුවත් සිරුර ගසක මුල් අතර හිරවී ඇති බවත් මුහුණ ඇතුළු සිරුරේ තැනින් තැන සතුන් විසින් කා දමා ඇති බවත් පොලිස් ආරංචි කියයි.

null
null
null
null

pics – ලංකාදීප 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>