කොටකෙතන කත ඝාතනය සම්බන්ධයෙන් ඇගේ පුතා අත්අඩංගුවට

null

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී ඉකුත්දා සිදුවූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ 18 හැවිරිදි පුත්‍රයා අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකාර පුත්‍රයා පොලිසියට ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්ද සිදුකර ඇති බවයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය ඇගේ පුතා කොටතෙනදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිීම සඳහා ඔහු කොළඹට රැගෙන ආ බවත් ඝාතනය සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු සොයා ගත් බවත් පොලීසිය පවසයි.

39 හැවිරිදි චන්ද්‍රානි ස්වර්ණලතා මහත්මිය ඉකුත් 5 වනදා රාත්‍රී නිවසින් අතුරුදන්ව සිටි අතර ඇයගේ මළ සිරුර පසුදා ඒ අසල ප්‍රදේශයේ ඇළක තිබී පොලීසිය විසින් සොයාගනු ලැබුවා. ඇගේ සිරුරේ කිහිප තැනක කැපුම් තුවාල දක්නට ලැබුණු බවද පොලිසිය පවසයි.

චාන්දනී ස්වර්ණලතාගේ අවසන් කටයුතු අද සිදුකෙරුණේ ඇගේ මවගේ නිවස පිහිටි කහවත්ත – ඉරමඩගම ප්‍රදේශයේ පොදු සුසාන භූමියේදියි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>