29 Sep 2015
කොටකෙතන කාන්තා ඝාතනයේ පරීක්ෂණ CIDයට
කහවත්ත – කොටකෙතන – ඕපාතවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර ඇත්තේ දැනටමත් ඊට අදාළ කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවයි.
තේ දළු නෙළමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ අතුරුදන්වූ 48 හැවිරිදි මෙම නාදන් බාපෝනැමති දෙදරු මවගේ සිරුර හමුවූයේ ඕපාත අංක 2 උඩ කොටසේ තිබියදීයි.
ඝාතනය සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.