කොටකෙතන තවත් කාන්තාවක් අතුරුදන් – නිවසේ ලේ පැල්ලම්

null

රත්නපුර – කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී කාන්තාවක් අතුරුදන් බවට අද (05) අලූයම කහවත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ 39 හැවිරිදි චන්ද්‍රානි ස්වර්ණලතා නමැති කාන්තාවයි.

අද අලූයම 1 යි 45 ට පමණ තමන් නිවසට පැමිණෙන විට සිය බිරිඳ නිවසේ නොසිටි බවට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා කහවත්ත පොලීසියට කල පැමිණිල්ලේ සඳහන් වෙයි.

එ් වන විට නිවසේ රැුඳී සිට ඇත්තේ අතුරුදන් වූ කාන්තාව සහ ඇයගේ එක් පුත‍්‍රයෙකු පමණයි. අදාළ නිවසේ පිටුපස දොර විවෘත කර තිබූ අතර මුළුතැන්ගෙයි ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට ලැබුණු බව පොලිසිය පවසයි.

මේ වනවිට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

2012 සිට පසුගිය වසර දක්වා කොටකෙතනේදී ගැහැණුන් 14 දෙනකු මරා දැමුණු අතර එම ඝාතනවල එකම ස්වරූපයක් පැවැති බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>