කොටකෙතන තවත් ඝාතන තැතක් වැළකේ

null

ආන්දෝලනාත්මක කාන්තා ඝාතන කිහිපයක්ම සිදු වූ කහවත්ත කොටකෙතන ප‍්‍රදේශය යළිත් බියෙන් ඇලලී ගොස් තිබේ. එ් තරුණ දියණියක් සහ ඇගේ මව පමණක් ජීවත් වන නිවසක් අසල කිසියම් පුද්ගලයෙකු ආයුධයක්ද අතැතිව සැක සහිත ලෙස හැසිරුණු බව කියන සිද්ධියක් හේතුවෙන්.

ඊයේ පස්වරුවේ මෙම අභිරහස් පුද්ගලයා දැක ඇත්තේ 62 හැවිරිදි මව සමඟ නිවසේ සිටි 29 හැවිරිදි ඇගේ දියණියයි. උඩුකය නිරාවරණය කරගනිමින් ආයුධයක් අතැතිව සිට ඇති මෙම පුද්ගලයා දුටු තරුණිය කෑගසා තිබේ. එම අවස්ථාවේදී ඔහු පළාගොස් ඇති අතර, පසුව පොලීසිය සහ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායද එක්ව ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කළේය.

සිද්ධිය වාර්තාවීමට ටික වේලාවකට පෙර කොටකෙතන ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් මෙම නිවසට පැමිණ තිබේ. ඒ, නිවසේ ඇති පොලිස් පොතෙහි අත්සන් තැබීම සඳහායි. එහි අත්සන් කර ඔවුන් පිටත්ව ගොස් ටික වේලාවකට පසු මෙම සිදුවීම වාර්තාවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර තිබේ.

එම පුද්ගලයා සොයා පොලීසිය ඊයේ රාත්‍රියේ දියත් කළ මෙහෙයුම අදත් ක්‍රියාත්මක වුවත් මෙම පුද්ගලයා සොයාගැනීමට පොලීසියට හැකිවී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>