10 Apr 2015
කොටකෙතන පුතා රඳවාගෙන ප්රශ්න කිරීමට උසාවියෙන් අවසර
කහවත්ත – කොටකෙතන ප්රදේශයේදී තම මව ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ 18 හැවිරිදි පුතු අද (10) පැල්මඩුල්ල මහේස්ත්රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ.
එහිදී සැකකරු පොලිසියට කළ ප්රකාශයේ පරස්පර විරෝධී තැන් ගැන රඳවාගෙන ඔහුගෙන් ප්රශ්න කිරීම සඳහා පැල්මඩුල්ල මහේස්ත්රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ.
ඒ අනුව එම සැකකරු තවත් දින දෙකක් රඳවා තබාගෙන ප්රශ්න කිරීමට මහේස්ත්රාත් අධිකරණය එහිදී පොලිසියට අවසර ලබා දී ඇත.
කෙසේ වෙතත්, හෙට දිනයේද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.