කොටකෙතන පුතු රක්ෂිත බන්ධනාගාරයට

null

කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී තම මව ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇයගේ 18 හැවිරිදි පුතු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකාර පුත්‍රයා අද පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇත. ඊයේ දිනයේද ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන්නේය.

පසුගිය 4දා රාත්‍රී අදාළ කාන්තාව ඝාතනයට ලක්ව තිබූ අතර ඇයගේ සිරුර කොටකෙතන ඇළේ තිබී සොයාගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ පොලීසිය ඇය සමඟ නිවසේ එදින රැදී සිටි 18 හැවිරිදි පුතු අත්අඩංගුවට ගත්තේ පෙරේදා දිනයේදියි. අනතුරුව ඔහු දීර්ඝ පාපොච්චාරණයක් පොලිසියට ද සිදුකර තිබුණි.

ඉන් කියවුනේ සිය පෙම්වතියට අවුරුද්දට ඇඳුම් මිලදී ගැනීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා සිටියදී නොදීම නිසා ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම ඝාතනයට මුල්වූ බව යි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>