29 Jun 2015
කොටකෙතන මව,දියණිය ඝාතකයන්ට ඇප ලැබෙයිද?
කොටකෙතන නයනා නිල්මිණි (52) කාවින්ද්‍යා චතුරංගි (17) මව සහ දියණිය ඝාතනය සම්බන්ධයෙන් වසර 3ක් රිමාන්ඩ් භාරයේ සිටින අඹුසැමි යුවලට ඇප ලබාදීම පිළිබඳව ජූලි මස 3 වනදා තීන්දුවක් ලබාදෙන බව අධිකරණය අද ප්‍රකාශ කර තිබේ.
ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
2012 වසරේ ජනවාරි මස 31 වනදා සිදුවූ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනීට චෝදනා එල්ල විය.
ඔවුනට දරුවන් 5 දෙනකු සිටින බවත් (අවුරුදු 8 – 17 වයස් සීමාවේ) ඔවුන්ගේ ආරක්ෂාව පතා ඇප අයදින බවත් ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.