කොටකෙතන මව සහ දියණිය ඝාතන සැකකරුවන් නිදොස් කොට නිදහස්

null

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක අභිරහස් ලෙස ඝාතනය කිරිමේ සිද්ධියට අදාළ විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

සිද්ධියට අදාළව පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු මෙලෙස නිදහස්‌ වූයේ ඝාතනයට ලක්‌ වූ මව හා දියණිය පදිංචිව සිටි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන නාමල් චමින්ද සිල්වා, සිසිර කුමාර හෙවත් තුෂාර හා ලොකුගම් හේවගේ චමිල නමැති විත්තිකරුවන් ය.

විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාකරණ සැකයකින් තොරව ඔප්පු කිරිමට පැමිණිලි පාර්ශවය අසමත්වීම හේතුවෙන් සහ මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුගේ සාක්ෂි පරස්පර නිසා විත්තිකරුවන් වැරදිකරුවන් කළ නොහැකි බව ‍මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ප්‍රකාශ කර ඇත.

2012 ජුනි 19 දා කහවත්ත කොටකෙතනදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (අවු. 63) හා හේවාගමගේ පුෂ්පකුමාරි (අවු. 23) යන අය ඝාතනය කර ඔවුන් පදිංචිව සිටි නිවස තුළට දමා ගිනි තැබූ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙහි චෝදනා ගොනු කොට තිබිණි.

කෙසේ වෙතත් මෙම තීන්දුවෙන් පසු කහවත්ත රත්නපුර මාර්ගයේ විරෝධතාවක්‌ සිදුකෙරිණි. කහවත්ත රත්නපුර මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණ පැවැත්වූ ජනතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කරන ලදී. කුපිත වූ පිරිස පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා කහවත්ත හා ඒ අවට පොලිස්‌ ස්‌ථානවලින් නිලධාරීන් කැඳවා තිබිණි.

මේ වන විට එම ප්‍රදේශයේ තත්වය සන්සුන් බවත් තවදුරටත් එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාව යොදා තිබෙන බවත් සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>