කොටකෙතන මියගිය කතගේ සැමියා ඝාතන 2කට හිරේ සිටි අයෙක්

null

කහවත්ත කොටකෙතනේදී ඝාතනයට ලක්වූ චන්ද්‍රානි ස්වර්ණලතා මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සක පිට ඇගේ සැමියාගෙන් පොලීසිය ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.

ඇයගේ සැමියා වන විජිත ශ්‍රියානන්ද කොටකෙතන ප්‍රදේශයේම මවකගේ හා දියණියකගේ ඝාතන සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවී සාක්ෂි නොමැතිව නිදහස ලැබූ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබේ.

ඝාතනයෙන් පසු කොටකෙතන ඇළේ තිබියදී හමු වූ චන්ද්‍රානි ස්වර්ණලතාගේ සිරුරේ දරුණු කැපුම් තුවාල හතක් තිබූ බව ඊයේ (07) සිදු කෙරුණු අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය විය.

බර ආයුධයකින් හිසට පහර දීම නිසා හිස කබලට බරපතළ ලෙස හානි සිදුව ඇති අතර මළ සිරුරේ හිස පිටුපස කන්දෙක අතර ගැඹුරු කැපුම් තුවාලයක්ද, හිස් මුදුනේ ගැඹුරු කැපුම් තුවාලයක්ද, නළලට ඉහළින් කැපුම් තුවාල දෙකක්ද, ගෙල ඉදිරිපස ගැඹුරු කැපුම් තුවාලයක්ද, දකුණු අතේ මහපට ඇගිල්‍ලේ සුළු කැපුම් තුවාලයක්ද තිබූ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී අනාවරණය වූ බව ‍පොලිසිය සඳහන් කරයි.

චන්ද්‍රානි ස්වර්ණලතා නමැති තිදරු මව ඝාතනයට පෙර දූෂණයට ලක්ව ඇත්දැයි නිශ්චිතවම සඳහන් කළ නොහැකි බැවින්, මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට සහ ජින්ටෙක් ආයතනයට යැවීමට මෙහිදී ‍පොලිසියට දැනුම් දී තිබේ.

කහවත්ත, කොටකෙතන පදිංචිව සිටි චන්ද්‍රානි ස්වර්ණලතා තිදරු මව ඉකුත් 04 දා සිය නිවසේ නිදා සිටියදී අතුරුදන්ව සිටි අතර, ඇගේ මළ සිරුර නිවසේ සිට යාර 300 ක් පමණ දුරින් පිහිටි කොටකෙතන ඇළේ කොට්ටම්බා ගසක මු‍ලේ රැඳී තිබියදී නාවික හමුදා සෙබළුන් විසින් පෙරේදා (06) දහවල් සොයා ගන්නා ලදී.

ඇය ඝාතනය වන අවස්ථාවේ නිවසේ සිටි පුත්‍රයා මාධ්‍යට මෙසේ කරුණු අනාවරණය කර තිබේ…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>