කොටකෙතන සැකකරු ඝාතන 6කට සම්බන්ධ බව DNA පරීක්ෂාවෙන් හෙළිවෙයි

null

කහවත්ත – ඕපාතවත්ත ප්‍රදේශයේ කාන්තා ඝාතනයක් සම්බන්ධයෙන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු සැකකරු ප්‍රදේශයේ තවත් කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට රහස් පොලීසිය අද දැනුම් දී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ ඞී.එන්.ඒ. පරීක්ෂණයේදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත.

අදාළ සැකකරු ඉකුත් සිකුරාදා දිනයේ අත්අඩංගුවට ගැනුණු අයෙක්. උල් පිහියක්, වක් පිහියක් හා සැකකරුගේ ලේ තැවරුණු ඇඳුම් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම නඩු භාණ්ඩ යොදාගනිමින් අදාළ ඞී.එන්.ඒ. පරීක්ෂණ සිදුකර තිබේ.

ද්විත්ව ඝාතන දෙකක් ඇතුළුව අනෙකුත් කාන්තාවන් ඝාතනය කර ඇත්තේ දුෂණය කිරීමෙන් පසුව බව ද මෙහිදී හෙළිව තිබේ.

මොහු නීල් ලක්ෂ්මන් නැමැති 35 හැවිරිදි අයෙක්. ඔහු කහවත්ත ඕපාත වතුයායේ කම්කරුවෙක් ලෙස සේවය කරන්නෙක්.

කහවත්ත ප‍්‍රදේ්ශයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගෙන සැකකරු මුදා හැරුණු අයෙකු බවද වාර්තා වෙයි. නිහඬ චරිතයක් වන අදාළ පුද්ගලයා අත්අඩංගුවට පත්වන අවස්ථාවලදී ප‍්‍රදේශවාසීන් ඔහු අහිංසකයෙකු ලෙස හැදින්වූ බවද පොලිසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් මහතා විසින් සැකකරු ලබන 29 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>