කොටට ඇන්ද නිවේදිකාවට කනේ පහරක්

null

බොලිවුඩ් නිලියක සහ නිවේදිකාවක වන ගෞහාර් ඛාන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක නිවේදනය කරමින් සිටියදී අකරතැබ්බියකට මුහුණ දී තිබේ.

India’s Raw Star නැමැති reality වැඩසටහනේ අවසන් වටයේ නිවේදිකාවක ලෙස කටයුතු කරමින් සිටි ඇයට ප්‍රේක්ෂකාගාරයේ සිටි පුද්ගලයෙකු පැමිණ පහර දී තිබේ.

වේදිකාවට පැමිණි එම පුද්ගලයා අදාල නිවේදිකාව සමඟින් උණුසුම් වචන හුවමාරුවක යෙදී ඇති අතර ඉන් පසුව ඇයට කම්මුල් ප්‍රහාරයක් එල්ල කොට ඇත.

මෙම පහරදීම සිදු කල පුද්ගලයා අකීල් මලික් නැමැති වයස 24ක තරුණයෙක් වන අතර ඔහු පවසා ඇත්තේ ගෞහාර් ඛාන් නැමැති නිවේදිකාව මුස්ලිම් ආගමික කාන්තාවක් වන බවත් ඇය විසින් ශරීරය නිරාවරණය වන පරිදි කොටට ඇඳගෙන සිටීම හේතුවෙන් මෙම පහර දීම සිදුකල බවත්ය.

කෙසේ වෙතත් ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>