කොටදෙණියාවේ අතුරුදන්වූ දැරියගේ සිරුර හමුවේ

null

අතුරුදන් වූ ගම්පහ – දිවුලපිටිය – කොටදෙනියාව ප්‍රදේශයේ වයස අවුරුදු හතරහමාරක පෙර පාසල් දැරියගේ සිරුර හමුවී තිබේ.

පොලිසිය පැවසුවේ නිවාස අසළ කුඹුරු යායක තිබී සිරුර හමුවූ බවයි.

2010 වස‍රේ සැප්තැම්බර් මස 16 වන දා උපන් සේයා සඳෙව්මි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමයා ය. මීගමුව කොටදෙණියාව පාරේ බඩල්ගම, අකරංගහ, වැලිපාරේ ඇගේ නිවස පිහිටා තිබේ. මව, පියා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනා සමග දිවි ගෙවන සදෙව්මි පෙර පාසල් සිසුවියකි.

රාත්‍රියේ මේ දැරිය සිය ස‍හෝදරයින් සමග රූපවාහිනිය නරඹා රාත්‍රී 8.30ට පමණ නින්දට ගොස් තිබේ. දැරිය නින්දට යන විට ඇගේ පියා නිවසේ නොසිටි අතර මුත්තණුවන් හා මිත්තණිය අවමංගල්‍යයකට සහභාගී වී ආපසු පැමිණෙන විට රාත්‍රී 10.10 පමණ වී තිබේ. ඒ වන විට ත් නිවසේ ප්‍රධාන පිවිසුම් දොර යතුරු නොදමා තිබූ අතර ඔවුන් නිවසට ඇතුළු වූ පසුත් ඇගේ පියා පැමිණෙන තෙක් දොරගුරු නොදැමූ බව සඳෙව්මිගේ මුත්තණුවන් පැවසී ය.

පසුදා උදෑසන නිවැසියන් සදෙව්මි සෙවීමේදී ඇය නිවසේ ‍නොමැති බව තහවුරු වී තිබේ.

ඇය නිදා සිටි කාමර‍යේ විවර කර තිබූ ජනේලයක් පරීක්ෂණ කටයුතුවලදී පොලීසියේ දැඩි අවධානයට ලක්විණි. ඇගේ ඇඳ පිහිටා තිබූ බිත්තියේ ඉහළින් පිහිටා ඇති ජනෙල් තුනෙන් එම ජනේලයේ පමණක් යකඩ ආවරණයක් යොදා නොමැත. සදෙව්මි එම ජනේලය අසල නිදා සිටි බව ඇගේ මව තහවුරු කර ඇත.

සිද්ධිය වාර්තාවීමත් සමග පරීක්ෂණ ඇරඹූ පොලීසිය නිල සුනඛයින්ගේ සහය ද ලබා ගත්තේ ය. එහෙත් සුනඛයා නිවසේ සිට මීටර 100ක් පමණ ඉදිරිටත් තව ත් මීටර 100ක් පමණ පසු පසටත් ගොස් නතර වී තිබිණි.

වැඩි දුරටත් සිදුකල මෙහෙයුම් වලදී දිවුලපිටිය අකරන්ගහ ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සේයා සඳෙව්මි නැමැති දැරියගේ සිරුර අද හමු වී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>